බොකුන්දර කුසලධම්ම හිමිපාණන් විසින් දේශනා කරණු ලබන ධර්ම දේශනා !
බුදුරජාණන් වහන්සේ ලෝ වැසිදන්නගේ හිත සුව පිණිස දේශනා කොට වලා තථාගත දහම ප්‍රචලිත කිරීමට පූජ්‍ය බෝකුන්දර කුසලධම්ම හිමිපාණන් විසින් සුදම්පාය ධර්මායතනය ආරම්භ කරන ලදී. එහි සේවාවන් වශයෙන් පොත්පත් අනුසාරයෙන් ද, වෙනත් මුද්‍රිත මාධයයන් ද, දේශනා මගින්ද ධර්මය පොදු ජනතාව වෙත බෙදා හරිනු ලැබේ.
බුදු දහම තම තම නැණ පමණින් අවබෝධ කොට ගතයුත්තකි. එමෙන් ම ධර්මය දැකිය යුත්තේ
තමා තුලින්මය.
කෙනෙකුට තවත් අයෙකුට නිවන ලබා දිය නොහැකියි.
තමා විසින්ම තමාගේ විමුක්තිය සොයා ගතයුතුයි.
තමාගේ නායකයා තමාමය.
තමා කරන සියලු කටයුතු වලට වගකිව යුත්තේ ද තමාමය.
තීරණ ගැනීමේ අයිතියද තමා සතුයි.
ඒ නිසා ස්වධීනව ස්වායක්තව ස්වයීරීව කටයුතු කිරීමට සියලු දෙනා උත්සකු වියයුතුය. මෙයයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම.